දේශීය

පළාත් කිහිපයකට අදත් වැසි

මධ්‍යම, උතුරු-මැද, ඌව, වයඹ, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර පළාතේ සහ මුලතිව් දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තුවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *