පෞද්ගලික රෝහලකින් PCR කළ පුද්ගලයෙකුට කොවිඩ්
පසු ගිය දිනෙක පුද්ගලයෙක් පෞද්ගලික රෝහලකට PCR පරීක්ෂණයක් සඳහා සාම්පලයක් ලබා දී ඇත.
එම පුද්ගලයා තම තොරතුරු ලෙස රෝහලට ලබා දී ඇත්තේ අසත්‍ය තොරතුරුය.PCR පරීක්ෂණයට අනුව ඔහු කොවිඩ් වෛරස ආසාදිතයෙකු බවට තහවුරු වී ඇත.
මෙම පුද්ගලයා රෝහලට අසත්‍ය තොරතුරු ලබා දී ඇති නිසා ඔහුව සොයාගැනීමට නොහැකි තත්වයක පසු වන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
යම් පුද්ගලයෙකුට සැක සහිත රෝග ලක්ෂණ පවතින්නේ නම් එම පුද්ගලයා නිවෙසට වී නිරෝධායනය වීම ප්‍රථමයෙන් කළ යුතු අතර ඉන් පසු ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසත් ඉන් අනතුරුව රෝහල් ගත වීම සුදුසු බවත් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
