දේශීය

මුන්දලම කඩොලාන විනාශ කළ සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග

මුන්දලම විරුත්තෝඩේ පුලිදිවාල්හි පිහිටි කඩොලාන පද්ධතිය විනාශ කිරීමට සම්බන්ධ සැකකරු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොලීසියට නියෝග කර ඇත.

කඩොලාන කපා ඉවත් කිරීම නීතිවිරෝධී බවත් මෙම කඩොලාන පද්ධතිය පිහිටි ඉඩම පෞද්ගලික ඉඩමක් වන බවත් පරිසර අමාත්‍යාංශය පවසයි.

පරිසර අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ පරිසර අමාත්‍යවරයාගේ පරිසර හානි පිළිබඳව දැඩි අවධානය යොමු වී ඇති අතර ඊට නිලධාරින්ගේ අකාර්යක්ෂමතාව හා නොසැලකිල්ල ද හේතු වී ඇති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *