දේශීය

රටට කොවිඩ් වසංගතයක් වුනාට ආන්ඩුවට කොවිඩ් වසන්තයක් – නලීන් බන්ඩාර

රටට කොවිඩ් වසංගතයක් වී තිබුනත් ආන්ඩුවට කොවිඩ් වසන්තයක් වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලීන් බන්ඩාර මහතා පවසනවා. ඔහු මේ බව පැවසූවේ එම පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

රටේ ජනතාව කොවිඩ් ආසාදනය නිසා මහත් විපතකට පත් වී සිටියත් ප්‍රභූ පවුල්වල කිහිප දෙනෙක් චීනයෙන් ආනයනය කරන ලද එන්නතක් විදගෙන ඇති බව නලීන් බන්ඩාර මන්ත්‍රීවරයා මෙහිදී පැවසුවා. එම එක එන්නතක් ඩොලර් 70ක් වන බවත් ඩොලර් 140ක් වියදම් කරලා අත් දෙකටම එන්නත් විදගෙන ඇති බවත් එහෙම එන්නත් විදගන්න ජනතාවට හැකියාවක් නොමැති බවත් නලීන් බන්ඩාර මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියා.

ඕනෑම කෙනෙක් එන්නත් විදගත්තාට ප්‍රශ්ණයක් නැති බවත් ජනතාවට අවශ්‍ය පහසුකම් ලබා දීම රජයේ වගකීම බවත් මෙහිදී ඔහු වැඩිදුරටත් පැවසුවා.

මෙම මාධ්‍ය හමුවට එක් වෙමින් මුජිබර් රහුමාන් මන්ත්‍රිවරයා පැවසුවේ, සෞඛ්‍ය ඇමතිනිය කරන්නේ පාලම් උඩට ගිහින් කළගෙඩි ගගට දැමීම බවත් කොවිඩ් වලින් රට ආරක්ෂා කිරීමට මෙවැනි මිත්‍යාව මත පදනම් වූ වැඩවලින් නොහැකි බවත්ය.

කොවිඩ් අරමුදලට කෝටි ගණන් මුදල් ලැබුනා. එම මුදල් සත පහක් හෝ වියදම් කර තිබෙනවා ද යනුවෙන් මෙහිදී මුජිබර් රහුමාන් මන්ත්‍රිවරයා ප්‍රශ්ණකර සිටියා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *