රාගම පොලීසියේ ස්ථානාධිපතිටත් කෙරෝනා
කෙරෝනා වෛරසය රාගම පොලිස් ස්ථානාධිපතිවරයාට ආසාදනය වී ඇති බව කොවිඩ් -19 පැතිරිම වැලැක්විමේ ජාතික ක්‍රියාන්විත මාධ්‍යස්ථානය පවසයි.
ඊයේ ( 05 ) දිනය තුළ තවත් පොලිස් නිළධාරින් 85 දෙනෙකු කෙරෝනා වෛරස ආසාදිතයින් ලෙස හදුනාගෙන ඇති අතර මේ වනවිට දිනයින පුරා පොලිස් ස්ථානවල නිළධාරින් 358 දෙනෙකුට කෙරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
ඉන් 199 දෙනෙකුම බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇත.
කෙරෝනා වෛරසය වත්තල ප්‍රදේශයේ පිහිටි සෙල්ලම් භාණ්ඩ කර්මාන්ත ශාලාවේ තවත් සේවකයින් 57 දෙනෙකුට ආසාදනය වී ඇති බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා තහවුරු කරයි.
ඔහු වැඩි දුරටත් සඳහන් කළේ මේ වනවිට එම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 106 දෙනෙකුට කෙරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
