විදේශීය

ලොවම බලා සිටින – ධවල මන්දිරයේ යතුර කාට ද?

ඉදිරි වසර 4ක කාලය සදහා ධවල මන්දිරයේ යතුර කාටද හිමිවන්නේ කියා ලොවම බලා සිටිනවා. නමුත් මේ වන තෙක් ඒ සදහා නිෂ්චිත පිළිතුරක් ලැබී නැහැ. ලැබී තිබෙන ප්‍රතිඵල වලට අනුව ජෝ බයිඩ්න් එම යතුරට හිමිකම් කියනු ඇති බවයි කාගෙත් විශ්වාසය. නමුත් පෙන්සිල්වේනියා, උතුරු කැරොලයිනා, ජෝර්ජියා, ඇලස්කා සහ නෙවාඩා යන ප්‍රාන්ත වල ප්‍රතිඵල තවමත් නිකුත් වී නැහැ. තැපැල් ඡන්ද ගණනය තවමත් සිදුවනවා.

මෙතෙක් නිකුත් වූ ප්‍රතිඵල වලට අනුව ඡන්ද විද්‍යාල 264ක බලය ජෝ බයිඩ්න් හට හිමිව ඇති අතර එය 50.4% ක ප්‍රතිශතයකි. ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට දිනාගෙන තිබෙන්නේ 214ක් පමණි. එය 48% ප්‍රතිශතයකි.

නෙවාඩා ප්‍රාන්තයේ දැනට ඉදිරියෙන් සිටින ජෝ බයිඩ්න් එම ප්‍රාන්තය ජයග්‍රහණය කළහොත් ඔහුට අවශ්‍ය 270 සම්පූර්ණ කර ගැනීමට හැකි වනු ඇත.

මේ අතර සිය පාක්ෂිකයින් අමතමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ මැතිවරණ වංචාවකින් තම ජයග්‍රහණය පැහැර ගැනීමට කටයුතු කරමින් සිටින බවයි. තමන් දැවැන්ත ජයග්‍රහණයක් අත් කරගෙන ඇති නිසා නීත්‍යානුකූලව ඡන්දය ගණනය කළහොත් තමන්ට පහසුවෙන් ජයග්‍රහණය කළ හැකි බව ට්‍රම්ප් පවසනවා.

මේ අතර ජනතාව අමතමින් ජෝ බයිඩ්න් පවසන්නේ සෑම ඇමරිකානුවකුගේම ඡන්දය වටිනා බැවින් එම සෑම ඡන්දයක්ම ගණනය කළ යුතු බවයි.

ඇමරිකාවේ ඡන්දය පාරිශුද්ධයි. වසර 240ක ඉතිහාසයක් තුළ ලෝකයට ආදර්ශයන් සපයපු මැතිවරණ ක්‍රමයක් අපට තිබෙනවා. ඒ නිසා ප්‍රමාද වුනත් ප්‍රතිඵල ලැබෙන තුරු අපි ඉවසීමෙන් සිටිය යුතුයි” බයිඩ්න් වැඩිදුරටත් පවසනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?