විශේෂාංගසංස්කෘතික

හෝ ගානා පොකුණ ගෙන ආ ඉන්දික ෆර්ඩිනැන්ඩු නැවතත් සිනමා කරළියට.

වාර්තා පිට වාර්තා තැබු හෝ ගානා පොකුණ චිත්‍රපටය බාල වැඩිහිටි සැමගේ ආකර්ෂනය දිනු ලංකා සිනමාවේ තවමත් ඉහළින්ම වැජබෙන සිනමා නිර්මාණයක්. ඒ රසවත් සිනමා අත්දැකීම ලංකීය ප්‍රේක්ෂකයා වෙත ගෙන ආ ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ නවතම සිනමා නිර්මාණය “වෙඩි නොවදින ළමයි” (Bulletproof Children).

 ජාත්‍යන්තර අවධානය ලබමින් ජත්‍යන්තර සිනමා උළෙල කිහිපයක් නියෝජනය කිරිමට “වෙඩි නොවදින ළමයි” මේ වන විටත් ආරාධනා ලබා අවසන්.

චීනයේ පැවැත්වෙන Golden Rooster Awards සිනමා සම්මාන උළෙලේ “විදෙස් චිත්‍රපට” කාණ්ඩයේ තරගකාරී අංශය නියෝජනය කරමින් නොවැම්බර් 24 වැනිදා චීනයේ Xiamen හිදී මේ චිත්‍රපටය තිරගත කිරීමට නියමිතයි

පියල් කාරියවසම්ගේ තීර රචනයෙන් පණ ලැබු වෙඩි නොවදින ළමයි දීපා එදිරිසිංහගේ නිෂ්පාදනයක්.

සිනමා කැමරාකරණයෙන් දිමුතු කාලිංග, සංස්කරණයෙන් තිස්ස සුරේන්ද්‍ර, ශබ්ද පරිපාලනයෙන් සසික රුවන් මාරසිංහ හා පසුබිම් සංගීතයෙන් නදීක වැලිගොඩපොල සහ තිලංක ගමගේ වෙඩි නොවදින ළමයි ශක්තිමත්කර තිබෙනවා.

කළණ ගුණසේකර, අනුසයා සුබසිංහ, ජයලත් මනෝරත්න, සෙතිකා ගුණසිංහ, ස්ටෙෆාන් තිරිමාන්න, හේමසිරි ලියනගේ, දයාදේව එදිරිසිංහ, මහේන්ද්‍ර පෙරේරා, අනුලා බුලත්සිංහ, අශාන් ඩයස්, ශේවියර් කනිෂ්ක, සංජීව දිසානායක, දිලුම් බුද්ධික, නිපුනි ශාරධා, ප්‍රබෝදිනී චන්ද්‍රසේන, රන්දික දිල්ෂාන්, චන්දිමා සිරිනායක ආදී ප්‍රවීන හා නවක නළු නිළි කැළකගේ රංගනයෙන් මෙම චිත්‍රපටය හැඩවි තිබෙනවා.

ඉතිං ..ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ වෙඩි නොවදින ළමයි” (Bulletproof Children) චිත්‍රපටය මෙරට තීරගත වෙන තෙක් සිනමාවට ආදරය කරන සියලුදෙනා ඉතා අසාවෙන් බලාගෙන ඉදිවී.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *