ක්‍රීඩා

6වන වරටත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අවසන් මහා තරගයට

ඊයේ (05) පැවති ‍ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ විශිෂිට ජයක් ලබා ගැනීමට මහේල ජයවර්ධනගේ මෙහෙය වීම යටතේ, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට හැකි විය.

මෙම තරගයේ ජයග්‍රහනයත් සමඟ ‍ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට මුම්බායි ඉන්දීයන්ස් කණ්ඩායම සමත් විය.

මුම්බායි ඉන්දීයන්ස් කණ්ඩායම 06වන වරටත් මෙසේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීම විශේෂත්වයකි.

කාසියේ වාසිය දිනූ දිල්ලි කැපිටලස් පිල ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට මුම්බායි ඉන්දියන්ස් පිලට අවස්ථාව ලබා දෙන ලදි.

එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් මුම්බායි පිලට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 200ක් රැස් කර ගැනීමට හැකි විය.

ඉෂාන් ක්‍රිෂන් නොදැවී ලකුණු 55ක් ද සූර්යකුමාර් යාදෙව් ලකුණු 51ක් ද හර්ඩික් පාන්ඩියා හයේ පහරවල් 5ක් සමඟ ලකුණු 37 තම කණ්ඩායමට රැස් කරන ලදි.

පන්දු යැවීමේදී දිල්ලි කැපිටලස් පිලෙහි රවිචන්ද්‍රන් අශ්වින්හට ලකුණු 29කට කඩුලු 03ක් බිඳ හෙලීමට හැකි විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කැපිටලස් කණ්ඩායමට තම පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 ක් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 143ක් පමණි.

ප්‍රිත්වි ෂෝ,අජින්කෙයා රහානේ හා ශිකර් දවාන් ලකුණු නොලබා දැවී ගිය අතර මාර්කස් ස්ටොයින්ස් ලකුණු 65ක් ද ආක්සාර් පටෙල් ලකුණු 42ක් ද තම කණ්ඩායමට රැස් කරන ලදි.

ජස්ප්‍රිට් බුම්රාහට ලකුණු 14කට කඩුලු 04ක් බිඳ හෙලීමට හැකි විය.

කෙසේ වෙතත් ඊයේ දින් පරාජයට පත් දිල්ලි කැපිටලස් කණ්ඩායමට අද (06) පැවතෙන තරගාවලියේ අවසන් වටයේ දෙවන තරගයෙන් ජය ගන්නා කණ්ඩායම සමඟ තරග වැදීමට අවස්තාවක් ලැබෙනු ඇත.ඒ අනුව ලබන 08වන දා අවසන් වටයේ තෙවන තරගය සඳහා ක්‍රීඩා කිරීමට අවස්තාව හිමි වේ.

අවසන් වටයේ  තෙවන තරගයෙන් ජය ගන්නා කණ්ඩායම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟන් අවසන් මහා තරගයේ තරග වැදීමට සුදුසුකම් ලබයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?