ඇමරිකාවේ කොවිඩ් වාර්තාගත ලෙස ඉහළට – නත්තල් සමයේ තවත් ඉහළ යන ලකුණු
ගෝලීය කොවිඩ් මාරයා වෙලාගත් රටවල් අතුරෙන් මේ වන විට ලෝක බලවතා ප්‍රධානතම ගොදුර බවට පත්ව ඇත.
ඒ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව කෝටිය ඉක්මවා යමිණි.
දෛනික ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යන ඇමරිකවේ ඊයේ එරටින් වාර්තා වූ නව ආසාදිතයන් සංඛ්‍යාව 139,000 ඉක්මවා ඇති අතර ඊයේ එරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව ද 1,200 ඉක්මවා ඇත.
කොවිඩ් වෛරස ආසාදිතයින් ඉහළ යාමට පසුගිය දා පැවති ඇමරිකානු ජනාධිපතිවරනයත බලපා ඇති බව සඳහන් වේ.
මේ වන විට ඇමරිකාව පුරා අඛණ්ඩව මෙම වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින බැවින් ඉදිරියේ එන නත්තල් සමය තුළ වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
