ජල බිල්පත් ගෙවීම සඳහා සහන කාලයක්
පවතින කොවිඩ් වෛරස තත්වය හේතුවෙන් නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල ජනතාවට ජල බිල්පත් ගෙවීම සඳහා සහන කාලයක් ලබා දෙන බව මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ බිල් පත් ගෙවීම පෙර පරිදි සිදු කළ යුතුයි. නමුත් නිරෝධායනය වන පවුල්වල ජනතාවට හෝ ඇඳිරීති පනවා ඇති ප්‍රදේශවල ජනතාවට මෙම බිල්පත් ගෙවීමට සහන කාලයක් ලබා දෙන බවයි.
එසේම ආණ්ඩුවට පමණක් මෙම කොවිඩ් වෛරස පාලනය කිරීමේ වගකීම භාරගත නොහැකි, යන්න ද අමාත්‍යවරයා සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
