Latestදේශීය

රියදුරු බලපත් – වාහන පැවරුම් සහතික ලබා ගැනීමේ දුෂ්කරතාවය අවසන් – ඇමති දිළුම් අමුණුගම

රියදුරු බලපත්‍ර ලබාගැනීමට සහ වාහන අයිතිය පැවරීමට අදාළ දුෂ්කරතාවයන් මගහරවා ජනතාවට පහසු ක්‍රමවේදයන් සකස් කර ඇති බව බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසනවා.

රියදුරු බලපත්‍රය ලබා දීම සදහා කලින් තිබුනු එක්දින සේවාව  වත්මන් කොවිඩ් තත්වය හමුවේ නවතා දමා ඇති බැවින් ජනතාව අපහසුතාවයට පත්ව ඇතැයි අමාත්‍යවරයා පවසනවා. තවද රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා ලිඛිත විභාගය සමත් වී ප්‍රායෝගික පරීක්ෂණය ද සමත් වූ පසු අදාළ අයදුම්කරුට තමන්ගේ ඡායාරූපයක් සහතික කර ලබා ගනිමින් එය තාවකාලික රියදුරු බලපත්‍රයක් ලෙස භාවිතා කළ හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා. දිස්ත්‍රික් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්මේතන්තු කාර්යාලයට ගොස් එම සේවාව ලබා ගත හැකි බවත් මාස 3ක් එම තාවකාලික රියදුරු බලපත්‍රය වලංගු බවත් එම කාලය අතරතුර රියදුරු බලපත්‍රය තැපැල් මාර්ගයෙන් ලැබීමට කටයුතු කරන බවත් අමුණුගම අමාත්‍යවරයා පවසනවා.

තවද වාහනයක් මිළදී ගැනීමේ දී පැවරුම් සහතිකය ලබා ගැනීමට ඇති අසීරුතාවය නිසා දුම් සහතිකය ලබා ගැනීමට නොහැකි බැවින් ඒ සඳහා ද විසදුමක් ලබා දී ඇත. ඒ අනුව වාහනය පැවරීමට අදාළ ලියකියවිලි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ලබා දී එහිදී CMP 7 පෝරමය ලබා ගත හැකි බවත් එම CMP 7 පෝරමය හරහා දුම් සහතික ලබා ගැනීම වැනි ඕනෑම සේවාවක් ලබා ගත හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?