Uncategorized

හෝමාගම රෝහලේ දැඩිසත්කාර ඒකකය හා ශල්‍යාගාරය තවකාලිකව වැසේ

පසුගිය දිනෙක පිහියෙන් ඇණීමක් හේතුවෙන් තුවාල ලබා පුද්ගලයෙක් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇත.  

තත්ත්වය බරපතළවීම වීම හේතුවෙන් එම පුද්ගලයා ශල්‍යකර්මයක් සඳහා යොමු කළ බව රෝහලේ වෛද්‍ය අධිකාරී ජනිත හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

ඉන් අනතුරුව ඔහුව අහඹු ලෙස PCR පරීක්ෂණයකට ලක් කර ඇති අතර එම PCR පරීක්ෂණයෙන් ඔහු කොවිඩ් වෛරසය ආසාදිතයෙකු බව තහවුරු වී තිබේ.

මේ හේතුවෙන් මේ වන විට රෝහලේ දැඩිසත්කාර ඒකකය හා ශල්‍යාගාරය තවකාලිකව වසා දමා ඇති අතර ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 10 දෙනෙක් නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *