Latestදේශීය

තවත් මරණ 04ක් – සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 40දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 04ක් වාර්තා වේ.

රාජගිරිය ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක සිටි 51හැවිරිදි පුද්ගලයෙක් පසු ගිය 07වන දා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී මෙම පුද්ගලයා මිය ගෙස් ඇත. මරණයට ආසන්නම හේතුව වන්නේ කොවිඩ් නියුමෝනියා තත්ත්වයට පැමිණීම බව සඳහන් කරයි.

කෙළඹ 10 පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක් පසුගිය මස 23වන දින කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී මෙම පුද්ගලයා මිය ගෙස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් වෛරසය හේතුවෙන් ස්වසන පද්ධතියේ ආසාදනයක් වීම බව සඳහන් කරයි.

ගම්පහ උඩුගම්පළ ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි කාන්තාවක් පසුගිය 09වන දා ගම්පහ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී මෙම කාන්තාව මිය ගෙස් ඇත.මරණයට හේතුව වන්නේ කොවිඩ් නියුමෝනියා තත්ත්වයට පැමිණීම බව සඳහන් කරයි.

අවුරුදු 55 – 60ත් අතර හඳුනා නොගත් පිරිමි පුද්ගලයෙක් ද මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය පසුගිය 08වන දා ඉදිරිපත් කර ඇති අතර එහිදී වෛරස අසාදිතයෙක් බව හඳුනා ගෙන ඇත.මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් වෛරසය ආසාදනය වීමයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ 40 දක්වා ඉහළ යන ලදි.

අද දින වාර්තා වූ මරණ 04 සඳහා නිකුත් කළ නිවේදනය පහතින දැක් වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?