විදේශීය

කොවිඩ් වෛරසය පිළිබඳ විශේෂඥයන් පිරිසක් කළ තවත් අධ්‍යනයක්

කොවිඩ් වෛරසය ආසාදනය වූවන් මානසික රෝගී තත්තවයකට ලක් වීමේ අවධානමක් ඇතැයි බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ මානසික රෝග විශේෂඥයන් පිරිසක් කළ අධ්‍යනයකින් හඳුනාගෙන ඇත.

එම විශේෂඥයන් සඳහන් කරන්නේ වෛරසය ආසාදිත පුද්ගලයින් මානසික ආතතිය, නින්ද නොයාම ආදී රෝග තත්ත්වයන්ට ගොදුරුවීමේ වැඩි අවදානමක් ඇති බවයි.

වෛරස ආසාදිත පුද්ගලයන් 5දෙනෙකුගෙන් එක් අයෙක් දින 90ක් තුළ මානසික රෝගී තත්තවයකට ලක් විය හැකි බවත් එහිදී ප්‍රතිකාර සඳහා කඩිනමින් යොමුවිය යුතු බව ද එම පර්යේෂකයෝ වැඩිදුරටත් පෙන්වා දෙති.

ඇමරිකාවේ මෙ වන විට කොරෝනා මර්දනයේ පසුගාමී තැනක සිටින බවත් අමෙරිකානු සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර ඇත. එහි දී ඔවුන් පෙන්වා දෙන්නේ පෙර සුදානමක් තිබිය යුතු බවයි.

එසේම නව අමෙරිකානු ජනාධිපති ලෙස පත් වූ ජෝ බයිඩන් සඳහන් කලේ එළඹෙන ශීත කාලය දී තවත් අඳුරු පරිච්ජේදයකට මුහුණදීමට සිදුවනු ඇති බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?