දේශීය

සමස්ත කොවිඩ් මරණ 46 දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ දෙකක් ඊයේ (11) වාර්තා වී ඇත. ඒ සමස්ත මරණ සංඛ්‍යාව 46ක් දක්වා ඉහළ යමිණි.

කොළඹ 10 මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවක් සිය නිවසේදීම මරණයට පත්ව ඇත. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් උත්සන්න වූ අධිරුධිර පීඩන තත්තවය මත ඇති වූ හෘදයාබාධයකි.

මෙය 45වන කොවිඩ් මරණය වේ.

ඊට අදාළ නිවේදනය පහතින් දැක්වේ.

46වන කොවිඩ් මරණය ද ඊයේ (11) දින වාර්තා විය.

ඉඹුල්දෙනිය ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මහරගම අපේක්ෂා රෝහලේදී ප්‍රතිකාර් ලබමින් සිටිය දී මරණයට පත්ව ඇත.

ඔහුගේ PCR පරීක්ෂණයෙන් කොවිඩ් වෛරසය ආසාදිතයෙක් ලෙස හදුන් ගෙන ඇත.

මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ  ලියුකේමියා රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් හා ස්වසන පද්ධතියේ ඇති වු සංකූලතාවයකි.

ඊට අදාළ නිවේදනය පහතින් දැක්වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?