දේශීය

කොවිඩ් මරණ 05ක් – සමස්ත මරණ සංඛ්‍යාව 58 දක්වා ඉහළට

අද (16) තවත් කොවිඩ් මරණ 05ක් වාර්තා වී ඇත. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 58ක් වේ.

කොළඹ 13 ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මරණයට පත්ව ඇත. කොළඹ ජාතික රෝහලේදී මිය ගොස් ඇත. මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ දීර්ඝ කාලයක සිට පෙලුණු පිළිකා රෝගය කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් උත්සන්න වීමයි.

කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් කොවිඩ් ආසාදිතයෙකු ලෙස හදුනා ගැනීමෙන් පසු  හෝමාගම රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටින අතර තුර මරණයට පත්ව ඇත. මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ පිළිකා රෝගය සහ කොවිඩ් නියුමෝනියාන තත්ත්වයයි.

කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 88 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මරණයට පත්ව ඇත. පපුවේ වේදනාවක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මිය ගොස් සිට ඇත. මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් සිදු වූ හෘදයාබාධයකි.

කොළඹ 08 බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් නිවසේ දී මරණයට පත්ව ඇත.  මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොවිඩ් වෛරසය ආසාදනය හේතුවෙන් නිධන්ගත පෙනහලු රෝගයක් උත්සන්න වීමයි.

කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 88 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මරණයට පත්ව ඇත. කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මිය ගොස් ඇත. මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොවිඩ් වෛරසය ආසාදනය සහ හෘදයාබාධයක් වැළඳීමයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?