Latestක්‍රීඩාදේශීය

ICC ‍චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරනවා, නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා – නුවන් සොයිසා

හිටපු ක්‍රිකට් ක්‍රීඩක නුවන් සොයිසා වැරදිකරුවකු ලෙස නම් කර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පසුගිය දා නිවේදනයක් නිකුත් කර තිබුනා.ශ්‍රී ලංකා කන්ඩායමේ හිටපු වේග පන්දු යවන්නෙකු වූ නුවන් සොයිසා ක්‍රිකට් පිටියෙන් සමුගැනීමෙන් අනතුරුව පන්දුයැවීමේ පුහුණුකරුවකු ලෙස කටයුතු කරන ලදි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මීට වසර දෙකකට පෙර නුවන් සොයිසාට එරෙහිව චෝදනා ඉදිරිපත් කළේ 2017 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති T 10 තරගාවලියේ  “ටීම් ශ්‍රී ලංකා”  කන්ඩායමේ පන්දුයැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටින විට සිදුකරන ලද නීතිවිරෝධී ක්‍රියාවන් 3ක් සම්බන්ධවයි.

එම චෝදනාවලට අදාල තීරණය නිකුත් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නුවන් සොයිසාට එරෙහිව තාවකාලික ක්‍රිකට් තහනමක් පනවා ඇති අතර ඔහුට එරෙහි දඩුවම නුදුරු දිනක නිවේදනය කරන බව දන්වා ඇත.

මේ අතර එම නිවේදනය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් අද (20) නුවන් සොයිසා තම අසහස් ඵල කරන ලදි. එහිදී නුවන් සොයිසා වැඩිදුරටත් පැවසුවේ,

“අයි සී සි විමර්ශන නිළධාරීන් මා අත්අඩංගුවට ගෙන ඉතා හිංසාකාරී අන්දමින් සලකන ලදි. එසේ කරන ලද්දේ අයි සී සී දූෂණ විරෝධී සංගමය යටතේ මා වෙත සාවද්‍ය චෝදනා නගමිනි.ගතවූ වසර දෙකක කාලය තුළ ක්‍රිකට් සම්බන්ධ කිසිදු දෙයකට සම්බන්ධ වීමෙන් මා වලකා තිබේ.ශ්‍රී ලංකා කන්ඩායමේ වේග පන්දු පුහුණුකරු ද ඒ අතර වේ.  ඒ හේතුවෙන් කිසිදු ආදායම් මාර්ගයක් නොමැතිව පසුගිය වසර දෙකක කාලය ගතකිරීමට සිදුවිය.”

අයි සී සී දූෂණ විරෝධී ඒකකයේ පරීක්ෂණ සැප්තැම්බර් 18 ද පැවති අතර සියලු සාක්ෂි පැවතියේ මාගේ වාසියටය. අයි සී සී දූෂණ විරෝධී සංග්‍රහයට අනුව දින 30ක් තුළ එහි තීරණ ලබා දිය යුතු වූවත් ඔවුන් ඊට අසමත් විය. ඒ හේතුවෙන් මේ පිළිබද දැනුම් දීමට මාගේ නීතිඥයින්ට මා උපදෙස් ලබා දුන්නෙමි. අනතුරුව අයි සී සී දූෂණ විරෝධී ඒක‍කයේ සභාපති විසින් දැනුම් දී තිබුනේ අනෙකුත් ක්‍රීඩකයින්ගේ විභාග ද සලකා බලා හේතු සහිතව තීරණය ලබා දෙන බවයි. මා විසින් කිසිදා නොකරන ලද වැරදි සදහා මා වැරදි කරු කරමින් ඊයේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් මා ඉතාමත් කම්පනයට පත් විය.

අයි සී සී දූෂණ විරෝධී විනිෂ්චය සභාව මා වෙත තවමත් හේතු සහිත තීන්දුවක් ලබා දී නොමැත. එහෙයින් එම මාධ්‍ය නිවේදනය සාවද්‍ය සහ බාලගනයේ ඒවා වෙයි.

ක්‍රීඩකයෙක් වශයෙන් ජාත්‍යන්තර තලය මා නියෝජනය කර ඇත. එසේම පුහුණුකරු වශයෙන් නවකයන්ට මාගේ උපරිමය ලබා දීමට කටයූතු කර ඇත. එසේ වුවත් මාගේ වෘත්තීය ජීවිතය අද මහත් සෝචනීය තත්වයට පත්ව ඇත.

මේ පිළිබදව මා ස්විට්රස්ලන්තයේ ක්‍රීඩා බේරුම්කාර මණ්ඩලයට ද, එක්සත් රාජධානියේ ශ්‍රේෂ්ඨාධිකරණයට ද අභියාචනා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරමි. මේ පිළිබද සියලුම නෛතික ක්‍රියාමාර්ග ගෙන ඇති අතර අයි සී සී දූෂණ විරෝධී විනිෂ්චය සභාවට, ශ්‍රී ලංකා අභියාචනාධිකරණයට, අන්තර්ජාතික ක්‍රීඩා බේරුම්කරන මණ්ඩලයට මා පැමිණිලි කොට ඇත.

තවද ක්‍රීඩා පණත සහ නව ක්‍රීඩා සම්බන්ධ වැරදි  වැලකීමේ පණත යටතේ ක්‍රීඩා අමාත්‍යවරු තිදෙනෙකුට ජනාධිපතිවරු දෙදෙනෙකුට, පාර්ලිමේන්තුවට ද  මා මේ පිළිබද මාගේ අභියාචනා  ඉදිරිපත් කොට ඇත. නමුත්  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ ක්‍රීඩා අමාත්‍යංශයෙන් මේ වන තෙක් කිසිදු සහයක් හිමිවී නැත.

මාගේ නි‍ර්දෝශීභාවය ඔප්පු වන තෙක් මේ සටන අත් හැරීමට මා සූදානම් නැත. එහිදී ඔබ මා සමග සිටිනු ඇතැයි මා විශ්වාස කරමි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?