දේශීය

බස්නාහිර හා හුදෙකලා ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසල් හෙට සිට විවෘත කරයි

හෙට (23) බස්නාහිර පළාත සහ හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසල් විවෘත කෙරෙන අතර 6 සිට 13 ශ්‍රේණි සඳහා පමණක් හෙට පාසල් විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

බස්නාහිර පළාතේ හා හුදෙකලා කර ඇති ප්‍රදේශවල හැර අනෙකුත් සියළුම පිරිවෙන් හා බෞද්ධ සීල මාතා අධ්‍යාපන ආයතන ද හෙට ආරම්භ කරයි.

පාසල් විවෘත කිරීමට පෙර ඒ ආශ්‍රිතව මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන්නැයි උපදෙස් ලබාදී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?