ක්‍රීඩා

LPL පළමු තරග වටය අද

ලංකා ප්‍රිමියර් ලීග් (LPL )තරගාවලිය අද ( 26 ) හම්බන්තොට සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිත අතර සවස 3.30 එහි සමාරම්භක උත්සවය පැවැත් වේ.

මෙවර තරගාවලිය සඳහා ,

  • කළම්බෝ කිංග්ස්
  • ගෝල්ඩ් ග්ලැඩියේටර්
  • ජැෆ්නා ස්ටැලියන්ස්
  • දඹුල්ල වයිකිංග්ස්
  • කැන්ඩි ටස්කර්ස්

යන කණ්ඩායම් 05ක් තරග වැදීමට සුදානමින් සිටියි.

අද රාත්‍රී 7.30ට කුසල් ජනිත් නායකත්වය දරණ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම හා ඇන්ජලෝ මැතිව්ස්  නායකත්වය දරණ කළම්බෝ කිංග්ස් යන කණ්ඩාටම් අතර LPL ප්‍රථම තරග වටය පැවැත් වේ.

කැන්ඩි ටස්කර්ස් සංචිතය

  • දේශීය – කුසල් පෙරේරා (නායක), කුසල් මෙන්ඩිස්, සික්කුගේ ප්‍රසන්න, අසේල ගුණරත්න, කමිඳු මෙන්ඩිස්, දිල්රුවන් පෙරේරා, නුවන් ප්‍රදීප්, ප්‍රියමාල් පෙරේරා, කවිෂ්ක අංජුල, ලසිත් ඇඹුල්දෙණිය, විශ්ව ප්‍රනාන්දු, ඉෂාන් ජයරත්න.
  • විදෙස් – බ්‍රෙන්ඩන් ටේලර් (සිම්බාබ්වේ), ඩේල් ස්ටේන් (දකුණු අප්‍රිකාව), ඉර්ෆාන් පතන් (ඉන්දියාව), මුනාෆ් පටෙල් (ඉන්දියාව), නවීන් උල්හක් (ඇෆ්ගනිස්තානය), රහමනුල්ලා ගුර්බාස් (ඇෆ්ගනිස්තානය), සොහයිල් තන්වීර් (පාකිස්තානය)
  • අතිරේක – කෙවින් කොත්තිගොඩ, ළහිරු සමරකෝන්, නිශාන් මදුෂ්ක, චාමිකර එදිරිසිංහ.

කලම්බු කිංග්ස් සංචිතය

  • දේශීය – ඇන්ජලෝ මැතිව්ස් (නායක), ඉසුරු උදාන, දිනේෂ් චන්දිමාල්, අමිල අපෝන්සු, අශාන් ප්‍රියන්ජන්, දුෂ්මන්ත චමීර, ධම්මික ප්‍රසාද්, ජෙෆ්රි වැන්ඩර්සේ, තික්ෂිල ද සිල්වා, තරිඳු කෞෂාල්, ළහිරු උදාර,
  • විදේශීය – ඇන්ඩ්‍රි රසල් (කොදෙව්), මන්ප්‍රීට් ගෝනි (ඉන්දියාව), කායිස් අහමඩ් (ඇෆ්ගනිස්තානය), ඩැනියල් බෙල් (එංගලන්තය), කරීම් ඛාන් (ඇෆ්ගනිස්තානය), ලෝරි එවන්ස් (එංගලන්තය), රවීන්දපාල් සිං (කැනඩා)
  • අතිරේක – හිමේෂ් රාමනායක, කළන පෙරේරා, තරිඳු රත්නායක, නවෝද් පරණවිතාන.

යන ක්‍රීඩකයන් මෙම කණ්ඩායම් දෙක නියෝජනය කරමින් තරග වදිනු ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?