දේශීය

සංචරණ සීමා ඉවත් කළ හා නොකළ ප්‍රදේශ

අද (30) උදෑසන 5.00 සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් බලප්‍රදේශ කිහිපයක් හුදකලා තත්ත්වයෙන් ඉවත් කෙරුණි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ,

  • මට්ටක්කුලිය
  • වෙරළබඩ
  • පිටකොටු

ගම්පහ දිස්ත්‍රික්කයේ,

  • මීගමුව
  • රාගම

යන පොලිස් වසම් හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

මට්ටක්කුලිය පොලිස් වසමේ,

  • රන්දිය උයන නිවාස යෝජනා ක්‍රමය
  • ෆර්ගියුසන් පාරේ දකුණු ප්‍රදේශය

තවදුරටත් හුදකලා තත්ත්වයේම පවතින බව යුද හමුදාපති ප්‍රකාශ කළේ ය.

අද උදෑසන 05.00 සිට වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සද සෙවණ නිවාස යෝජනා ක්‍රමය, සාලමුල්ල සහ විජයපුර යන ග්‍රාම නිලධාරී වසම් හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබේ.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ

  • මෝදර
  • බ්ලුමැන්ඩල්
  • කොටහේන
  • ග්‍රෑන්ඩ්පාස්
  • ආදුරුප්පුවීදිය
  • වේල්ලවීදිය
  • කෙසෙල්වත්ත
  • මාළිගාවත්ත
  • දෙමටගොඩ
  • මරදාන
  • කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ වෑකන්ද ග්‍රාම නිලධාරි වසම
  • බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරි වසම

යන ප්‍රදේශ තවදුරටත් හුදකලා ප්‍රදේශ ලෙස ක්‍රියාත්මක වේ.

එසේම ගම්පහ දිස්ත්‍රික්කයේ,

  • වත්තල
  • කැලණිය
  • පෑලියගොඩ

යන පොලිස් බලප්‍රදේශ තවදුරටත් හුදකලා තත්ත්වයේ පවතියි.

ප්‍රදේශ කිහිපයක් හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමෙන් පසු ප්‍රවාහන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකිරීමට පියවර ගෙන තිබෙන බවත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පොදු ප්‍රවාහන භාවිතා කරන ලෙසත් ප්‍රවාහන බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අද දිනයේ සිට සාමාන්‍ය පරිදි දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක කරන අතර දැනට හුදකලා තත්ත්වයේ පවතින ප්‍රදේශවල දුම්රිය නොනවත්වා ධාවනය වන බවද දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?