දේශීය

බුරවි සුළි කුණාටුවෙන් බරපතළ හානි සිදු වූයේ නැහැ – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

බුරවි සුළි කුණාටුව ලංකාවට ඇතුළු වීමෙන් කිසිදු ආපදා තත්ත්වයක් වාර්තා වී නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කරයි.

දිවයිනට ඇතුළු වූ බුරවි සුළි කුණාටුව තවදුරටත් දිවයින හරහා ගමන් ගනිමින් මන්නාරම් බොක්කට ආසන්න වී ඇති බවත් අද (03) පෙරවරුවේ මෙම සුළි කුණාටුව දිවයිනෙන් බැහැරට ගමන් කරන බවත් කාලගුණ බලධාරීන් පවසයි.

ඊයේ (02) බුරවි සුළි කුණාටුව රාත්‍රී 10.30ත් 11.30ත් අතර කාලය තුළ දිවයිනේ නැගෙනහිර වෙරළ තීරයේ කුච්චවේලි හා තිරියාය ප්‍රදේශ අතරින් ගොඩබිමට ඇතුළු වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව අද (03) අලුයම වනවිට වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී තිබුණේ මුලතිව්, අලම්පිල් ප්‍රදේශයෙන් වන අතර එය මි.මී.222කි.

මීට අමතරව පදවිය ශ්‍රීපුර ප්‍රදේශයෙන් මි.මී.195. 5ක්, වැලිඔය ප්‍රදේශයෙන් මි.මී.180ක්, උඩයාර්කට්ටු ප්‍රදේශයෙන් මි.මී.189ක්, මන්නාරම මි.මී.128ක් සහ ගෝමරන්කඩවල ප්‍රදේශයෙන් මි.මී.120ක වර්ෂාපතනයක් වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?