ක්‍රීඩා

ජැෆ්නා ස්ටැලියන්ස් පරාජයට පත් කර කළම්බෝ කිංග්ස් ජය ගනි

ඊයේ (04) පැවැති ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පරාජයට පත් කිරිමට කළම්බෝ කිංග්ස් කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනූ කළම්බෝ කිංග්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට අවස්ථාව ලබා දෙන ලදි.

ඒ අනුව ඔවුන් තම නියමිත පන්දු වාර් 20 අවසානයේ  කඩුලු 9ක් දැවී ලකුණු 148ක් රැ් කිරීමට සමත් විය.

වනිදු හසරංග පන්දු 23ක දී එක් හයේ පහරක් සහ හතරේ පහර 7ක් සමඟ ලකුණු 41ක් ලබා ගත් අතර අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 26ක්  මිනෝද් භානුක ලකුණු 21ක් හා ජොන්සන් චාර්ල්ස් ලකුණු 7ක් බැගින් තම කණ්ඩායමට එක් කිරීමට කරන ලදි.

පන්දු යැවීමේ දී කායිස් අහ්මඩ් කඩුලු 3ක් හා දුෂ්මන්ත චමීර කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් විය.

ලකුණු 149ක ඉලක්කයක් සමඟ පිටියට පැමිණි කළම්බෝ කිංග්ස් කණ්ඩායම පන්දුවාර 19.2ක් අවසානයේ කඩුලු 4ක් දැවී තම ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය.

සුපිරි පිතිහරඹයක නිරත වූ දිනේෂ් චන්දිමාල් පන්දු 51ක දී හයේ පහර 2ක් සහ හතරේ පහර 7ක් සමගින් නොදැවී ලකුණු 68ක් රැස් කළේය.

නායක ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 22ක් හා ඇන්ඩ්‍රි රසල් හයේ පහර 3ක් සහ හතරේ පහර 2ක් සමඟ ලකුණු 32ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේ දී වනිදු හසරංග කඩුලු දෙකක් හා වියස්කාන්ත් එක් කඩුල්ලක් බිඳ හෙලන ලදි.

දිනේෂ් චන්දිමාල් තරගයේ  වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය.

කෙසේ වෙතත් මෙම තරගයෙන් පරාජයට පත් වුවද ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් තමන් සතු කර ගෙන සිටියි.

කළම්බෝ කිංග්ස් කණ්ඩායම කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන තැන හිමි කර ගෙන සිටියි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?