දේශීය

පොල් ඉඩම්වල වැලි කැණීම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

පොල් ඉඩම්වල වැලි කැණිම් සඳහා බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.

ඒ අනුව ඊට අදාළ කටයුතු සිදුකරන ලෙස අමාත්‍යවරයා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇති  බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.

පොල් ඉඩම්වල සිදුකරන වැලි කැණිම් හේතුවෙන් බරපතළ පාරිසරික හානියක් සිදුවනවා මෙන්ම පොල් ඵලදාව අඩුවීමක් ද සිදුවන බව පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැති පරිසර අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

ඒ අනුව මෙම දිනවල වෙළඳපොලේ වාර්ෂික පොල් අස්වැන්න අඩුවීමට මෙන්ම පොල් මිල ඉහළයෑමට මෙම තත්ත්වය හේතුවක් වී ඇති බව උපදේශක කාරක සභාවේදී සාකච්ඡා වී තිබේ.

ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගෙන විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොල් වගා ඉඩම්වල වැලි කැණිම් සිදු කිරිම් සඳහා බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවීමට සහ වැලි කැණිම් බලපත්‍ර යොදා ගනිමින් පොල් ඉඩම්වල කැණිම් සිදු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස බලධාරින්ට උපදෙස් ලබා දී ඇති  බව පරිසර අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?