ක්‍රීඩා

LPL තරග බිමේ සිටින සහෝදර යුගල්

සහෝදර යුගල් 4ක් ක්‍රීඩකයින් සහ නිළධාරීන් ලෙස කටයුතු කිරීම ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සුවිශේෂී සිදුවීමක් ලෙස සටහන් වෙයි.

1.      වනිදු හසලංග හා චතුරංග ද සිල්වා සහෝදරයෝ

මොවුන් දෙදෙනා ගාල්ල රිජ්මන් විද්‍යාලයෙන් බිහි වූ ජාතික මට්ටමේ ක්‍රීඩකයන් දෙදෙනෙකි.මොවුන් දෙදෙනා ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම නියෝජනය කරමින් LPL තරග බිමේ ක්‍රීඩා කරයි.

2.විශ්ව ප්‍රනාන්දු සහ නුවනිදු ප්‍රනාන්දු සහෝදරයෝ

විශ්ව ප්‍රනාන්දු කැන්ඩි ටස්කර්ස් පිල නියෝජනය කරන අතර නුවනිදු ප්‍රනාන්දු ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම නියෝජනය කරමින් මෙවර LPL තරගවලිය සඳහා ක්‍රීඩා කරයි. මොවුන් දෙදෙනාම සාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් බිහි වූ ක්‍රීඩකයන් වේ.

3 ග්‍රැහැම් ලැබ්බ්‍රෝයි සහ වෙන්ඩල් ලැබ්බ්‍රෝයි සහෝදරයෝ

ග්‍රැහැම් ලැබ්බ්‍රෝයි ජාතික කණ්ඩායමේ ටෙස් සහ එක්දින තරග සඳහා ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක් වූ අතර වෙන්ඩල් ලැබ්බ්‍රෝයි එක්දින තරග ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක් විය.

මොවුන් දෙදෙනා අන්තර් ජාතික ක්‍රිකට් කව්න්සලයේ තරග තීරක කමිටුවේ නිලධාරීන් වේ.මෙවර පැවැත්වෙන LPL තරගාවලියේ තරග තීරකයන් ලෙස මොවුන් කටයුතු කරයි.

ග්‍රැහැම් ලැබ්බ්‍රෝයි පළමු LPL තරගයේ තරග තීරක ලෙස කටයුතු කළ අතර වෙන්ඩල් ලැබ්බ්‍රෝයි නොවැම්බර් 27වන දා ජැෆ්නා ස්ටැලියන්ස් හා ගෝල් ග්ලැඩියේටර්ස් අතර පැවැති තරගයේ තරග තීරක ලෙස කරටයුතු කර ඇත.

4.කොට්ටහච්චි සහෝදරයෝ

රෝහිත කොට්ටහච්චි සහ රවින්ද්‍ර කොට්ටහච්චි

රෝහිත කොට්ටහච්චි හිටපු පළමු පෙල ක්‍රීඩකයෙක් වූ අතර 2000සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පළමු පෙල වින්සුරුවරයෙක් ලෙස ද කටයුතු කරයි.

රවින්ද්‍ර කොට්ටහච්චි 2006 වසරේ සිට පළමු පෙල වින්සුරුවරයෙක් ලෙස ‍මොහු කටයුතු කරයි. මොවුන් දෙදෙනාද මෙවර පැවැත්වෙන LPL තරගාවලියේ තරග වින්සුරුවන් ලෙස කටයුතු කරයි.

කොට්ටහච්චි සහෝදරයන්ගේ පවුලේ සහෝර සාමාජිකයින් සිව්දෙනෙක් සිටින අතර ඔවුන් සියළු දෙනාම විනිසුරුවන් ලෙස කටයුතු කිරීම විශේෂත්වයකි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?