ක්‍රීඩා

දඹුල්ල වයිකින්ග් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

ඊයේ (09) ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම හා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පැවති තරගයෙන් ජය ගැනීමට දඹුල්ල වයිකින්ග් කණ්ඩායම සමත් විය.

මෙම ජයත් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට දඹුල්ල වයිකින්ග් කණ්ඩායම සමත් විය.ඒ ප්‍රසාද ලකුණු 11ක් හිමි කර ගනිමින්ය.

දුර්වල පන්දු රැකීම හේතුවෙන් මෙම තරගය පරාජයට පත් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමටනම් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම හා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම  අතර අද (10) පැවැත්වෙන තරගයෙන් අනිවාර්යෙන්  ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ජය ගැනීම අවශ්‍ය වේ.

ඊයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ දඹුල්ල කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට ගාලු කණ්ඩායමට අවස්ථාව දෙන ලදි.

එහිදී ගාලු කණ්ඩායම තම පන්දුවාර අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 168ක් ලබා ගැනීමට සමත් විය.

ධනුෂ්ක ගුණතිලක පන්දු 31ක දී හතරේ පහර 8ක් සමඟ ලකුණු 46ක් රැස් කළේය.ශෙහාන් ජයසූරිය ලකුණු 39ක් සහ නායක භානුක රාජපක්ෂ ලකුණු 31ක් ලබා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත් විය.

පන්දු යැවීමේ දී කසුන් රාජිත, රමේෂ් මෙන්ඩිස් හා දසුන් ශානක කඩුලු දෙක බැගින් බිඳ හෙලන ලදි.

ලකුණු 169ක ජයග්‍රාහී ඉලක්කයක් සමඟ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට හැකි විය.

ඇන්ජෙලෝ පෙරේරා ලකුණු 45ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 38ක් රැස් කළ අතර එස්. ශින්වාරි පන්දු 20ක දී නොදැවී ලකුණු 46ක් ලබා ගනිමින් දඹුලු කණ්ඩායම ජයග්‍රාහී මාවත කරා රැගෙන යන ලදි.

ශින්වාරි ලබා දුන් උඩ පන්දු දෙකක් ගාලු පන්දු රකින්නන් අතින් ගිලිහී යාම හේතුවෙන් දඹුල්ලට පිලට පහසුවෙන් තරගයේ ජය තමන් සතු කර ගැනීමට හැකි විය.

පන්දු යැවිමේ දී ධනංජය ලක්ෂාන් කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.

එස්. ශින්වාරි තරගයේ වීරයා ලෙස ද සම්මානයෙන් පිදුම් ලැබීය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?