ක්‍රීඩා

එවන්ස් පළමු ශතකය වාර්තා කරයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ(10) පැවති ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම හා කළම්බෝ කිංග්ස් කණ්ඩායම අතර තරගයෙන් ජය ගැනීමට කළම්බෝ කිංග්ස් කණ්ඩායමට හැකි විය.

තරගයේ කාසියේ වාසිය දිනූ ස්ටැලියන්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට කළම්බෝ කිංග්ස් කණ්ඩායමට අවස්ථාව දෙන ලදි.

එහිදී කොළඹ පිල තම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 173ක් ලබා ගැනීමට සමත් විය.

සුපිරි පිති හරඹයක නිර්ත වෙමින් ලොරී එවන්ස් පන්දු 65ක දී හයේ පහර 5ක් සහ හතරේ පහර 9ක් සමග නොදැවී ලකුණු 108ක් ලබා ගත්තේය. මෙවර LPL තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරීමට ඔහු සමත් විය.

පන්දු යැවීමේ දී සුරංග ලක්මාල් සහ වනිදු හසරංග කඩුල්ල බැගින් බිඳ හෙලන ලදි.

ජයග්‍රහනය සඳහා ලකුණු 174ක ඉලක්කයක් සමඟ ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට හැකි වූයේ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 167ක් පමණක්  ලබා ගැනීමටයි.

එහිදී චරිත් අසලංක ලකුණු 32ක් ද ෂොයිබ් මලික් ලකුණු 29ක් සහ වනිදු හසරංග නොදැවී ලකුණූ 23ක් රැස් කරන ලදි.

පන්දු යැවීමේ දී ඇන්ඩ්‍රි රසල් ලකුණු 46කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

කළම්බෝ කිංග්ස් කණ්ඩායම මෙම තරගයෙන් ලබා ගත් ජයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැනට පැමිණීමට ඔවුන් සමත් විය. ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට දඹුල්ල වයිකින්ග් කණ්ඩායමට හැකියාව ලැබී ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?