ක්‍රීඩා

ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන විට කැන්ඩි ටස්කර්ස් තරගයෙන් ඉවතට

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (10) ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම හා කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සමග පැවැති තරගයෙන් ජය තමන් සතු කර ගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට අවස්තාව දෙන ලදි.

ඒ අනුව කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට පන්දුවාර 19.1ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 126ක් ලබා ගැනීමට හැකි විය.

කුසල් මෙන්ඩිස් පන්දු 42ක දී හයේ පහර 4ක් සහ හතරේ පහර 6ක් සමගින් ලකුණු 68ක් රැස් කළ අතර සෙසු පිතිකරුවන් හට සෑහීමකට පත් විය හැකි ලකුණු ප්‍රමාණයක් රැස් කිරීමට සමත් වූයේ නැත.

පන්දු යැවීමේ දී මොහොමඩ් අමීර්, නුවන් තුෂාර, ධනංජය ලක්ෂාන් සහ සහන් ආරච්චිගේ ද කඩුලු 2 බැගින් බිඳ හෙලීමට සමත් විය.

ලකුණු 127ක ජයග්‍රාහී ඉලක්කයක් සහමඟ ක්‍රීඩා කළ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පන්දුවාර 17ක් පමණක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කරන ලදි.

ධනුෂ්ක ගුණතිලක පන්දු 66ක දී නොදැවී හයේ පහර 4ක් සහ හතරේ පහර 12ක් සමඟ ලකුණු 94ක් රැස් කළේය.

පන්දු යැවීමේ දී දිල්රුවන් පෙරේරා ලකුණු 30කට එක් කඩුල්ලක් බිඳ හෙලීමට සමත් විය.

ඒ අනුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ඊයේ සමත් වූ අතර කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමටයි සිදු වුණේ.

මේ වන විට ප්‍රසාද පකුණු සටහනේ පිළිවෙලින්,

  • දඹුල්ල වයිකින්ග්
  • කළම්බෝ කිංග්ස්
  • ජැෆ්නා ස්ටැලියන්ස්
  • ගෝල් ග්ලැඩියේටර්
  • කැන්ඩි ටස්කස්

යන කණ්ඩායම් සිටියි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?