දේශීය

උසස් පෙළ සිසුන් ගොනු කළ පෙත්සම් ප්‍රතික්ෂේප කෙරේ

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු අනුව ඉංජිනේරු හා භෞතික විද්‍යා පීඨවල නවක සිසුන් බඳවා ගැනීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම් විභාගයට ගැනීමෙන් තොරවම ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) ප්‍රතික්ෂේප කළේ ය.

2019 වසරේ දී අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට නව විෂය නිර්දේශය යටතේ පෙනී සිට සමත්  වූ සිසුන් 40 දෙදෙනෙකු විසින් මෙම පෙත්සම් ගොනු කර ඇත.

එම පෙත්සම් බුවනෙක අලුවිහාරේ, එස්. තුරේරාජා හා යසන්ත කෝදාගොඩ යන විනිසුරු මඩුල්ල හමුවේදී අද කැඳවූ අවස්ථාවේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුවෙන් ප්‍රතික්ෂේප කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙන ලැබුණි.

එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා, එම අමාත්‍යංශයේ ලේකම්, විභාග කොමසාරිස් ජනරාල්වරයා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා එහි සභාපතිවරයා මෙන්ම නීතිපතිවරයා ද නම් කොට තිබුණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *