විදේශීය

කොරෝනා ඇන්ටාක්ටිකාවටත්

නවතම කොරෝනා ආසාදිතයින් 36 දෙනෙක් ඇන්ටාක්ටිකා මහද්වීපයෙන් ඊයේ (22) දින වාර්තා විය.

ඒ සමගින් ගෝලීයව පැතිරී ඇති කොරෝනා වෛරසය හේතුවෙන් පීඩා විදින මහද්වීප අතරට ඇන්ටාක්ටිකා මහද්වීපය ද එක් විය.

ඇන්ටාක්ටික් පර්යේෂණ මධස්ථානයක සිටි හමුදා සාමාජිකයින් 26 දෙනෙකුට සහ නඩත්තු නිලධාරීන් 10 දෙනෙකුට මෙලෙස කොරෝනා වෛසරය ආසාදනය වී ඇති අතර, ඔවුන් නිරෝධායනය සඳහා චිලී රාජ්‍යය වෙත යොමුකර ඇත.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ඇන්ටාක්ටික් මහද්වීපයේ පර්යේෂණ කටයුතු  තාවකාලිකව නවතා දමා ඇති බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *