දේශීය

කොළඹ සිට අවිස්සාවේල්ල සියළුම පෞද්ගලික බස් රථ කළුඅග්ගල දක්වා පමණයි

කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වන සියළුම පෞද්ගලික බස් රථ කළුඅග්ගල දක්වා පමණක් ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව පොලීසිය පවසයි.

මෙම තීරණය ගෙන ඇත්තේ අවිස්සාවේල්ල සහ කොස්ගම පොලිස් බල ප්‍රදේශ ඊයේ (24) දින සිට හුදෙකලා කිරීම හේතුවෙනි.

ඒ අනුව මාර්ග අංක 122 හයිලෙවල් මාර්ගය හරහා පිටකොටුව හා මහරගම සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වන බස් රථ මෙන්ම ලෝලෙවල් මාර්ගයෙන් පිටකොටුවේ සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වන සියළුම බස් රථ කළුඅග්ගල බස් නැවතුම්පොළ දක්වා පමණක් ධාවනය වනු ඇත.

පොලීසිය වැඩි දුරටත් සඳහන් කළේ පාදුක්ක සිට අවිස්සාවෙල්ල දක්වා ධාවනය වන බස් රථවල ගමනාන්තය ද කළුඅග්ගල බස් නැවතුම්පොළ දක්වා සීමා වන බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *