පොලිස් නිලධාරින්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් කල් යයි – නියෝජ්‍ය පොලිස්පති
ජනවාරි 15 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පොලිස් නිලධාරින්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් කල් දමා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ය.
ඒ අනුව එම වාර්ෂික ස්ථාන මාරුවීම් මාර්තු 15 වැනිදා දක්වා කල් දමා තිබේ.
පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පොලිස්පතිගේ විශේෂ නියෝගයක් මත මෙම තීරණය ගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
