රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවෙන් හඳුනාගත් ආසාදිත පාසල් සිසුවා
පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගැනීම හේතුවෙන් කළුතර දකුණ පොලිස් ස්ථානයේ සියලු නිලධාරීන් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට තීරණය කර තිබේ.
ඊයේ (24) උදෑසන බස්නාහිර පළාත් සීමාවේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී පාසල් සිසුවෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත් අතර ඔහුගේ පියා කළුතර දකුණ පොලිස් ස්ථානයේ සේවය කිරීම හේතුවෙන් එහි නිලධාරීන් 60 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට යොමු කර තිබේ.
ඒ අනුව එම සිසුවාගේ පියාද ඇතුළුව පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගැනුණි.
එහිදී ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපතිවරයාට මෙන්ම පාලන ඒකකයේ ස්ථානාධිපතිවරයාට, සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට සහ ප්‍රජා පොලිස් ඒකකයේ කොස්තාපල්වරියකට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.
කළුතර දකුණ පොලීසියේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපතිවරයාගේ පුත්‍රයාට එලෙස වෛරසය ආසාදනය වී තිබුණි.
මේ හේතුවෙන් අද (25) දිනයේ කළුතර දකුණ පොලිස් ස්ථානයේ සෙසු සියලු නිලධාරීන් PCRපරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
