දේශීය

ව්‍යාජ ඩොලර් මුදල් මුද්‍රණය කළ සැකකරු අත්අඩංගුවට

ව්‍යාජ විදෙස් මුදල් නෝට්ටු මුද්‍රණය කිරිමේ ජාවාරමකට ආධාර අනුබල ලබාදුන් පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ අදාළ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා මුද්‍රණ යන්ත්‍රය සහ විශේෂිත කඩදාසි වර්ගයක් මෙරටට ආනයන කිරීම සම්බන්ධයෙන් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

කන්තලේ සහ අනුරාධපුර පොලිස් ස්ථාන මගින් පසුගිය කාලයේ ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද ඩොලර් 100 නෝට්ටු 327ක් සොයා ගෙන තිබුණි.

සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එම මුදල් නෝට්ටු මුද්‍රණයට යොදාගත් මුද්‍රණ යන්ත්‍රය සහ විශේෂිත වූ කඩදාසි වර්ගය මෙරටට ආනයනය කළ පුද්ගලයා සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව ඊයේ (25) අනුරාධපුර ප්‍රදේශයේදී අදාළ සැකකරු අත්අඩංගුවටගෙන තිබේ.

ඔහු 36 හැවිරිදි බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?