ක්‍රීඩා

ධනංජය ද සිල්වා ආබාධයකට ලක්වේ – ද.අප්‍රිකා ටෙස්ට් තරගාවලිය ඔහුට අහිමි වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ධනංජය ද සිල්වා දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩා කරමින් සිටිය දී සිදු වූ ආබාධයක් හේතුවෙන් ඔහුට ඉදිරීයේ පැවැත් වීමට නියමිත තරග වට සඳහා තරග වැදීමට ඇති අවස්ථාව අහිමී වී ඇත.

ඊයේ (26) දකුණු අප්‍රිකාව සමඟ ආරමිභ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පන්දුවට පහර දෙමින් ලකුණු 79 ක් ලබා සිටිය දී ධනංජය ද සිල්වා මෙලෙස පාදයක ආබාධයකට ලක් වී තිබේ.

කෙසේ වෙතත් අද (27) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ධනංජය ද සිල්වාහට සති දෙකක කාලයක් ක්‍රිකට් ක්‍රීඩා කිරීමෙන් ඉවත් වීමට සිදුවන බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *