බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයින් තවත් ඉහළට
බන්ධනාගාර ආශ්‍රිතව නව කොවිඩ් ආසාදිතයින් 40 දෙනෙකු හඳුනාගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
එම ආසාදිතයින්ගෙන් 37 දෙනෙකු පිරිමි රැඳවියන් වන අතර 03 දෙනෙකු කාන්තා රැඳවියන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ඒ අනුව කොවිඩ් ආසාදිත බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාව 3,949 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදිත රැඳවියන් 3,229 දෙනෙකු මේ වනවිට සුවය ලබා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
