දේශීය

සිරිපා වන්දනාවට පැමිණීමෙන් වළකින්න – නුවරඑළිය කොවිඩ් මර්දන කමිටුව

සිරිපා වන්දනා සමය අදින් ආරම්භ වේ.

ඒ අනුව චාරිත්‍රානුකූලව පැල්මඩුල්ල, ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති සධාතුක කරඬුව, සමන්දෙව් ප්‍රතිමාව සහ දේවාභරණ ඊයේ (28) සිරිපා මළුව වෙත පෙරහරින් වැඩම කරවනු ලැබුණි. 

මේ අතර ජනවාරි මාසය තුළ සිරිපා වන්දනාවේ පැමිණිමෙන් වළකින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුව බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී.

රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපොතාගම විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මෙවර සිරිපා වන්දනා සමයේදී බැතිමතුන් අනුගමනය කළ යුතු සෞඛ්‍ය නිර්දේශ දක්වා තිබේ.

ඒ අනුව සිරිපා වන්දනාවේ පැමිණීමට අදහස් කරන පිරිස් තම වන්දනා නඩවල තොරතුරු ඉදිරිපත් කර අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී එහි සහතිකයේ පිටපතක් රැගෙන ආ යුතුය.

එමෙන්ම, ශ්‍රීපාදස්ථාන ගමන් මාර්ගයේ තාවකාලික නවාතැන් සකස් කිරීම හෝ පවත්වාගෙන යාම නොකළ යුතු අතර අම්බලම්, විශ්‍රාම ශාලා ආශ්‍රිත ප්‍රදේශවල යාචකයින් විසින් සිඟමන් යැදීම හෝ සිඟමන් ලබාදීම් සිදුනොකළ යුතු බව ද අදාළ ගැසට් පත්‍රයේ වැඩි දුරටත් සඳහන් වේ.

එමෙන්ම, සිරිපා මළුව, විශ්‍රාම ශාලා ප්‍රදේශයන් හි මෙන්ම ගමන් මාර්ගයේද සංචාරක වෙළඳාම තහනම් කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *