දේශීය

ගාල්ල ධීවර වරාය ආසන්නයේදී සැකකටයුතු යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදාවේ අණ නොතකා පළායාමට උත්සහ කළ ධීවර යාත්‍රාවක් සිය භාරයට ගත් බව නාවික හමුදාව පවසයි.

එම යාත්‍රාවේ සිටි පුද්ගලයින් 04 දෙනෙකු ද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සදහන් කරයි.

අද (31) උදෑසන ගාල්ල ධීවර වරාය ආශ්‍රිත මුහුදේ යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවක් පරීක්ෂා කිරීමේ සංඥා නාවික හමුදා නිලධාරීන් විසින් නිකුත් කර තිබුණි.

එහෙත් අදාළ යාත්‍රාව ගොඩබිම දෙසට යාත්‍රා කර ඇති අතර පසුව නාවික හමුදාව එය සිය භාරයට ගෙන ඇති බව සඳහන් වේ.

කෙසේවෙතත් එම අවස්ථාවේදී එක් පුද්ගලයෙකු පළාගොස් ඇති අතර පළාගිය පුද්ගලයා සොයා මේ වන විට මෙහෙයුම් ආරම්භ කර තිබේ.

අනතුරුව එම යාත්‍රාවේ සිටි තවත් පුද්ගලයින් 3 දෙනෙක් නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

එම යාත්‍රාව මේ වනවිට දැඩි පරීක්ෂාවට ලක් කරමින් සිටින අතර එහි මත්ද්‍රව්‍ය හෝ වෙනත් නීතිවිරෝධී දෙයක් පවතින බවට සැක කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *