දේශීය

ජිවිතාන්තය තෙක් සිර දඬුවම් නීයම වී සිටි පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමිට ජනාධිපති සමාව

ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව හිමි වී ඇත.

ජනාධිපති සමාවට අදාළ දැනුම්දීම ජනාධිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා සඳහන් කර ඇත.  

මාළිගාවත්ත, බෝධිරාජාරාමාධිපති පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට පසුගිය වසරේ ජුනි 01 වැනි දා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූයේ නීති විරෝධී අන්දමින් ටී.56 ගිනි අවි 2 ක් සහ ජීව උණ්ඩ 210 ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙනි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?