ලොරි රථයක් හා යතුරුපැදියක් ගැටීමෙන් තරුණයෙකු මරුට
බලංගොඩ නගර මධ්‍යයේ ඊයේ (04) පෙරවරුවේ සිදු වූ අනතුරකින් 25 හැවිරිදි මිරිසවත්ත ප්‍රදේශයේ පදිංචි විවාහක තරුණයෙකු මියගොස් තිබේ.
ලොරි රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු බලංගොඩ මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
ලොරි රථයේ රියදුරුගේ නොසැලකිලිමත්කම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති අතර මූලික පරීක්ෂණ වලදී අනාවරනය වී ඇත්තේ අදාල ලොරි රථය ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ලොරි රථයක් බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
