විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 198 දෙනෙකු දිවයිනට
මෙරටට පැමිණීමට නොහැකිව විදෙස්ගතව සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 198 දෙනෙකු අද (06) දිවයිනට පැමිණ තිබේ.
ඒ අනුව කටාර් රාජ්‍යයේ රැඳී සිටි 74 දෙනෙකු, ඩුබායි රැඳී සිටි 82 දෙනෙකු සහ මාලදිවයිනේ රැඳී සිටි 42 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණ තිබේ.
ඔවුන් සියළුදෙනා PCR පරීක්ෂණවලට යොමුකිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.
මේ අතර ඉන්දියාව, බංග්ලාදේශය, සිංගප්පුරුව, චීනය යන රටවල්වලින් තවත් පිරිසක් හෙට (07) අලුයම දිවයිනට පැමිණීමට නියමිත බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
