දේශීය

ඉන්දීය විදේශ අමාත්‍යාවරයා ජනපති හමුවේ

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (06) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග , ජනාධිපති කාර්යාලයේදී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ.

ඒ මහතා අද පෙරවරුවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද හමුවී ඇති අතර ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණියේ ය.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවීමට ද නියමිතය.

මෙය 2021 වසරේදී ඉහළ පෙළේ විදෙස් දූත පිරිසක් මෙරටට සංචාරය කරන පළමු අවස්ථාව මෙන්ම ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ මේ වසරේ පළමු නිල විදෙස් සංචාරය ද වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?