දේශීය

පුතෙකු තම පියාට උදැල්ලකින් පහරදී ඝාතනය කරයි

පුතෙකු විසින් තම පියාට උදැල්ලකින් පහරදී ඝාතනය කළ පුවතක් කහවත්ත හව්පෙවත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 72 හැවිරිදි පියෙකු වන අතර මෙම සිද්ධිය ඇතිවන අවස්ථාවේ සැකකාර පුත්‍රයා බීමත්ව සිට ඇති බවට වාර්තා වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

ඝාතනය සම්බන්ධයෙන් 40 හැවිරිදි පුත්‍රයා කහවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ පියා කහවත්ත රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඇඹිලිපිටිය රෝහල වෙත මාරුකර යැවීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වී ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *