රුපියල් කෝටි 13ක් පමණ වටිනා මත්පෙති තොගයක් රේගු භාරයට
දකුණු ආසියාවේ මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති විශාලතම මත්පෙති තොගය ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් සිය භාරයට ගෙන ඇත.
ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ 18,000කින් යුතු මෙම මත්පෙති තොගය බෙල්ජියමේ සිට මෙරටට ගෙනවිත් ඇති අතර කිලෝ 09ක බරකින් යුක්ත මෙම මත්පෙති තොගයේ වටිනාකම රුපියල් කෝටි 13.5ක් බවයි.
මධ්‍යම තැපැල් හුවමාරුව ට ලැබී තිබූ පාර්සල් කිහිපයක් පිළිබඳ ශ්‍රී ලංකා රේගුව විසින් කරතිබූ විමර්ශනයක දී මෙම මත්පෙති තොගය හමුවී ඇත.
මේ සමගම නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාව හරහා හුවමාරු කිරීමට තැත් කළ මත් කොළ තොගයක් ද රේගුව විසින් සොයාගෙන තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
