දේශීය

2020 ඡන්ද නාම ලේඛනයේ නම ඇතුල්ත්ද ? 19 වන දා ට පෙර ලියාපදිංචි වන්න – මැතිවරණ කොමිෂන් සභාව

ඡන්ද හිමියකු ලෙස 2020 ඡන්ද නාම ලේඛනයේ ලියාපදිංචි වීම සඳහා නිර්දේශ වී ඇති තැනැත්තන්ගේ නම් පරීක්ෂා කර බැලිය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර ඇත. www.election.gov.lk යන  වෙබ් අඩවිය මගින් මේ පිළිබඳ ජනතාවට අවශ්‍ය තොරතුරු ලබා ගත හැකි වෙ.

එසේම යම් පුද්ගලයෙකුගේ නම එහි සඳහන් වී නොමැති නම් ලබන 19 වන දා ට පෙර ප්‍රදේශයේ ග්‍රාම නිළධාරිවරයා මාර්ගයෙන් ඒ පිළිබඳ විමසා ඡන්දහිමි නාමලේඛනයට නම ඇතුළත් කර ගැනිම සඳහා ඉල්ලීම් සිදුකළ හැකි බව ද මැතිවරණ කොමිෂන් සභාව දන්වා ඇත.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා දුරකථන අංක කිහිපයක් හදුන්වා දී ඇත.

  • 0112 860031
  • 0112 860032
  • 0112 860034
Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?