බදු වංචාකරුවන්ගේ මුහුණු මාධ්‍යයට ?
විශාල වශයෙන් බදු නොගෙවන ආයතන මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
මෙලෙස බදු නොගෙවන ආයතනවල ලේඛනය මාස 02 ක් ඇතුළත කාරක සභාවට ලබාදෙන ලෙස
එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.
විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා කාරක සභාවේදී සඳහන් කර ඇත්තේ බදු කඩිනමින් අයකර ගැනීමට පියවර ගැනීම මගින් රාජ්‍ය ආදායම ඉහළ නැංවිය හැකි බවයි.
එසේම දේශීය ආදායම් නඩු රැසක් අධිකරණවල ගොඩගැසී ඇති අතර ඒවා කඩිනමින් විසඳීම සඳහා අධිකරණ අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය එක්ව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍ය බවද එහිදි සාකච්ඡා වී ඇත.
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී බදු ගෙවන්නන්ගෙන් අයවිය යුතු හිඟ බදු හා දඩ මුදල් පිළිබඳ විශේෂ විගණන වාර්තාව පිළිබවද සාකච්ජා වී තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
