දේශීය

2020 උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා දින ප්‍රකාශයට පත් කෙරේ

2020 වර්ෂයට ආදාළ උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මේ වන විට ආරම්භ වී ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

අයදුම්කරුවන් සිය ප්‍රවේශ පත්‍රයේ සඳහන් මධ්‍යස්ථානයේදීම තමන්ට නියමිත ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පෙනී සිටිය යුතු බව දන්වා ඇත.

මෙහිදී නිරෝධායන සංචරණ සීමා බලපැවැත්වෙන ප්‍රදේශවල සිට ප්‍රායෝගික පරීක්ෂණ සඳහා සහභාගි වන සිසුන්ට ඒ සඳහා අවසර පත්‍රයක් ලෙස තම ප්‍රායෝගික පරීක්ෂණ ප්‍රවේශ පත්‍රය සමග ජාතික හැදුනුම්පත ඉදිරිපත් කළ හැකිවේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් දුරකථන අංක කිහිපයක් හදුන්වා දී ඇත.   

  • 0112 784 208
  • 0112 784 537
  • 0113 188 350 හෝ 1911 දුරකථන අංක භාවිතා කළ හැකිය.
Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?