නිරෝධායන රීති කඩකළ තවත් පුද්ගලයින් 26 දෙනෙක් අත්අඩංගුවට
ගත වූ පැය 24 තුළ නිරෝධායන රීති කඩකළ තවත් පුද්ගලයින් 26 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ මුහුණු ආවරණ නොපැලඳීම හා දුරස්ථභාවය පවත්වා නොගැනීම් හේතුවෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
පුද්ගලයින් 2,361 දෙනෙක් පමණ නිරෝධායන රීතීන් කඩ කිරීම හේතුවෙන් පසුගිය, ඔක්තෝබර් මස 30 වන දින සිට මේ දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් 2,213 දෙනෙකුට මේ වන විට නඩු පවරා ඇති බවත් මෙම මෙහෙයුම් තවදුරටත් ඉදිරියේ දී සිදුකරන බවත් පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
