ඕමන්තේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
ඕමන්ත පොලිස් වසමේ අරසමුරිප්පු ප්‍රදේශයේ දී ඥාතියෙකු විසින් එල්ල කළ වෙඩි පහරකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය සඳහන් කළේ ඊයේ (10) රාත්‍රී 10.30ට පමණ ආරවුලක් දුරදිග යෑම හේතුවෙන් මාමා විසින් සිදුකළ වෙඩි තැබීමෙන් 29 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති අතර තුවාල ලැබු පුද්ගලයා වව්නියාව රෝහලට ඇතුළත් කර තිබේ.
වෙඩි තැබීම සිදුකළ 46 හැවිරිදි පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අද (11) වව්නියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඕමන්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
