දේශීය

නිරෝධායන රීතීන් කඩකළ තවත් 34 දෙනෙක් අත්අඩංගුවට

ගතවූ පැය 24 තුළ නිරෝධායන රීතීන් කඩකළ තවත් පුද්ගලයින් 34 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ මුව ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම් හේතුවෙන් මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි.

පසුගිය ඔක්තෝබර් 30 වන දා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීතීන් කඩකළ පුද්ගලයින් 2,415 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් 2,250 දෙනෙකුට එරෙහිව මේ වන විට නඩු පවරා ඇති බව ද වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *