විදේශීය

නවදිල්ලියේ දින 4 ක් තුළ පක්ෂීන් 200 ක් මිය යයි

ඉන්දියාවේ කුරුලු උණ අවදානම හේතුවෙන් පක්ෂීන් ආනයනය තාවකාලිකව තහනම් කිරීමට නවදිල්ලි  බලධාරීන් විසින් පියවර ගෙන ඇත.

නවදිල්ලියේ විශාලතම කුකුළු වෙළඳපොළක් වසාදැමීමට ද කටයුතු කර තිබේ.

කපුටන් සහ තාරාවන් ඇතුළු තවත් පක්ෂීන් විශේෂ කිහිපයක්ම මෙලෙස මරණයට පත්ව ඇති අතර ඉන්දියාවේ නවදිල්ලි අගනුවර දින 4 ක් ඇතුළත පක්ෂීන් 200 ක් පමණ මියගොස් ඇති බව වාර්තා වේ.

නවදිල්ලි ප්‍රධාන අමාත්‍ය අරවින්ද්‍ර කේජ්රිවාල් මහතා මේ පිළිබඳ සඳහන් කළේ මෙම කුරුලු උණ හේතුවෙන් මියගිය පක්ෂීන්ගේන් ලබාගත් සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා යොමුකර ඇති බවයි.

විදෙස් මාධය වැඩිදුරටත් සඳහන් කළේ ඒවියන් ඉන්ෆ්ලුවන්සා හෙවත් කුරුලු උණ අවධානම ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ, රාජස්ථාන් සහ කේරළ ප්‍රාන්තවලත් මතු වී ඇති බවයි.

මෙම කුරුලු උණ රෝගයට හේතුවන වෛරසය මීට ශත වර්ෂ කිහිපයක සිට ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින අතර ඉන්දියාව තුළින් ප්‍රථම වරට කුරුලු උණ වසංගතය ව්‍යාප්ත වී ඇත්තේ 2006 වර්ෂයේදී බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?